අමෙරිකාවේ ප්‍රකෝටිපතියෙක් ටයිටැනික් නැවේ සුන්බුන් බලන්න යන්න සැරසෙයි

අමෙරිකාවේ ප්‍රකෝටිපතියෙක් ටයිටැනික් නැවේ සුන්බුන් බලන්න යන්න සැරසෙයි

අමෙරිකාවේ ප්‍රකෝටිපති දේපළ වෙළෙඳාම්කරුවෙක් ගැඹුරු මුහුදේ ගිලී ඇති ටයිටැනික් නෞකාවේ ගවේෂණයට සූදානම්වන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහියෝ හි ජීවත්වන ත්‍රාසජනක ක්‍රීඩාවන් හී නිරතවන ලැරී කෝනර් සහ පැට්‍රික් ලාහේ මේ සදහා සූදානම් වන අතර ඔවුන් ට්‍රයිටන් සබ්මැරීන් හි සම-නිර්මාතෘවරුන් ද වේ.

ඔවුන් කියා සිටින්නේ, උතුරු අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නැව මුහුදුබත් වීම දැකීමට මීටර් 3,800ක් (අඩි 12,467) පමණ ගැඹුරට ගොස් නෞකාවේ නෂ්ඨාවශේෂ බැලීමට කැමැත්තෙන් පසුවන බවයි.

2023 වසරේ ටයිටැනික් නෞකාව වෙත ගමන් කරමින් සිටියදී Ocean Gate විසින් ඉදිකරන ලද කුඩා සබ්මැරීනය පුපුරා ගොස් පස් දෙනෙකු මිය යාමෙන් පසු මෙවැනි අදහසක් මතුව ඇති ප්‍රථම අවස්ථාව මෙයයි.

ලැරී කොනර්ගේ සමාගමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ, යෝජිත මුහුදු ගමන සිදුවන්නේ අදාළ සබ්මැරීනයේ ගමන් කිරීම සාගර විද්‍යාඥයින් විසින් සහතික කිරීමෙන් පසුව බවය.

කෙසේ නමුත් මෙම ගමන සදහා මෙතෙක් සැලසුම් කළ ගවේෂණ කාල රාමුවක් නොමැත.

ගැඹූරු මුහුදේ පීඩනය දරාගත නොහැකිව පසුගිය වසරේ ඕෂන් ගේට් කුඩා සබ්මැරීනය විනාශ වීමේ අත්දැකීමද රැගෙන මෙම ගවේෂණය සිදු කිරීමට අපේක්‍ෂිතය.

OceanGate විසින් නිපදවන ලද Titan සබ්මැරීනය කාබන් ෆයිබර් වලින් සාදන ලද අතර එය 2023 වසරේ ජුනි මාසයේදී ටයිටැනික් සුන්බුන් වෙත සංචාරයක යෙදී සිටියදී පුපුරා ගියේය.

OceanGate හි ප්‍රධාන විධායක ස්ටොක්ටන් රෂ් (61), තවත් සිව් දෙනෙකු සමඟ එහිදී මරණයට පත් විය.

බ්‍රිතාන්‍ය-පකිස්තාන ව්‍යාපාරික ෂාසාදා ඩාවුඩ් (48) සහ ඔහුගේ පුත් සුලේමන් (19), බ්‍රිතාන්‍ය ව්‍යාපාරික හමිෂ් හාඩින් (58) සහ හිටපු නාවික කිමිදුම්කරුවෙකු වූ ප්‍රංශ ජාතික පෝල්-හෙන්රි නාර්ජෝලට් (77) මිය ගිය සෙසු පිරිස විය.

Share This