ඇමෙරිකාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ මේජර්ගේ බිරිඳ අල්ලයි

ඇමෙරිකාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ මේජර්ගේ බිරිඳ අල්ලයි

ඇමරිකාවේ රැකියාවලට යවන බව පවසමින් යුධහමුදාවේ මේජර්වරයෙක් සහ ඔහුගේ බිරිඳ විසින් කල රුපියල් ලක්ෂ 42 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට ගත්බවත්, මේජර්වරයා සොයා පරීක්ෂණ සිදුකරන බවත් පානදුර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර ගොරකාන ප්‍රදේශයේ පදිංචි 46 හැව්රිදි කාන්තාවක බව පොලිසිය පැවසීය.

සැකකාර මේජර්වරයා යාපනය මුහමලේ ප්‍රදේශයේ කදවුරක රාජකාරි කරන බවට තොරතුරු ලැබී ඇති බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.

පානදුර උතුර පොලිසියට පැමිණිලි 5 ක්, දෙහිවල සහ ගල්කිස්ස ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකටද කල පැමිණිලි කිහිපයක් මත සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

සැකකාර කාන්තාවගේ නිවසේ තිබී විදේශ ගමන් බලපත් පහක් සොයගත් බවද පොලිසිය පවසයි.

රුපියල් ලක්ෂ 42 මුදලක් වංචා කර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී නිරීක්ෂණය වන බවත්, එම මුදල් සැකකාර කාන්තාවගේ සැමියා වන මේජර්වරයාගේ ගිණුමට බැරකර ඇති බවටද දැනගන්නට ලැබී ඇතැයිද පරීක්ෂණ නිළධාරීයෙක් කීය.

සැකකාර කාන්තාව පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්

Share This