අම්බලන්ගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට

අම්බලන්ගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට

අම්බලන්ගොඩ දෙල්දූව හෝටලයේ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන අයෙක් හෙරොයින් ග්‍රෑම් 9 මිලි ග්‍රෑම් 640 ක් සමග කාගම ප්‍රදේශයේ සැගවී සිටිය දී පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 2022 වසරේද අගොස්තු මාසයේ අම්බලන්ගොඩ දෙල්දුව හෝටලයක් තුළ දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරිම සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරිමට සම්බන්ධ වෙඩික්කරු යතුරුපැදියෙන් රැගෙන ගිය බවට සැකකරුට චෝදනා එල්ලවී තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදන්කඩවල පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයෙකි.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව දඹුල්ල කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.ජී.ආර්. උදය කුමාර ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැටලීම සිදුකළහ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු ඉපලෝගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.