ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාරගැනීම අද සිට

ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාරගැනීම අද සිට

2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාර ගැනීම අද (27) දිනයේ සිට ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ජුනි මස 14 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාරගැනීම සිදුකරන බවයි, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.

ජුනි 14 වැනිදා මධ්‍යම රාත්‍රි 12 ට මාර්ගගත ප්‍රවේශය වසා තබන බවත්, කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරන ලද පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැකි අතර අඩු ආදායම් සහිත 2025 වසරේ ජනවාරි මස 31 වන දිනට වයස 11ට අඩු සිසුන්ට පමණක් ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් හිමි වෙයි.

onlineexams.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් අයදුම්පත්‍ර ඉදිරිපත් කිරිමට හැකියාව පවතින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් ගැටලු පවතී නම් විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක 1911 හෝ 011-2 784537 , 0112 786616‍, 0112 784208 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වන ඉරුදින පැවැත්වීමට නියමිතය.