පිටසක්වල ජීවීන් වෙස්වලාගෙන මනුෂ්‍යයන් අතරම

පිටසක්වල ජීවීන් වෙස්වලාගෙන මනුෂ්‍යයන් අතරම

පිටසක්වළ ජීවීන් සැබෑවක් බවත්, මනුෂ්‍ය පෙනුමට සමාන පෙනුමැති පිටසක්වළ ජීවීන් අප මනුෂ්‍යයන් අතරේ ජීවත්වන බවත් ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් අදහස් පළකර තිබේ.

පිටසක්වළ ජීවීන් භූගතව, සඳ මත හෝ මිනිසුන් අතර පවා ජීවත් විය හැකි බවයි, හාවඩ් විශ්වවිද්‍යාලයේ මානව සශ්‍රීක වැඩසටහනේ පර්යේෂකයන් විසින් සකස් කරන ලද අධ්‍යයන වාර්තාවේ සඳහන් කර ඇත්තේ.

මීට පෙර, හිටපු එක්සත් ජනපද බුද්ධි නිලධාරියකු කියා සිටියේ අමෙරිකානු රජය ‘පාපන්දු පිටියක ප්‍රමාණයේ’ හඳුනා නොගත් පියාඹන පීරිසියක් සඟවාගෙන සිටින බවයි.

මොවුන් වානරයෙකු වැනි පරම්පරාවක් හෝ “නොදන්නා, බුද්ධිමත් ඩයිනෝසරයන්ගෙන්” පැවත එන්නන් විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Share This