පාසල් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව සියයට 25ක් 30 අතර අගයකින් ඉහළට

පාසල් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව සියයට 25ක් 30 අතර අගයකින් ඉහළට

ලංගම පාසල් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව සියයට 25ක් 30 අතර අගයකින් ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පාසල් වාර ප්‍රවේශ පත්‍රයට අමතර විශ්වවිද්‍යාල සහ කාර්මික විද්‍යාල සඳහා ලබාදෙන වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුවද ඉහළ දැමීමටයි කටයුතු කර ඇත.

එමෙන්ම පාසල් ප්‍රවාහන බස් රථ සේවය ඉවත් කරනවාද නැතහොත් තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න තීරණය වන්නේ මෙම ගාස්තු වැඩි කිරීම මත බව අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Share This