මිල ප්‍රදර්ශනය නොකළ භාණ්ඩ නොමිලේ ලබා ගන්නැයි උපදෙස්

මිල ප්‍රදර්ශනය නොකළ භාණ්ඩ නොමිලේ ලබා ගන්නැයි උපදෙස්

පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් නිලධාරීන් විසින් ඊයේ (14) පිටකොටුව ප්‍රදේශයේ රෙදිපිළි ඇතුළු වෙළෙඳසැල් රැසක් පරික්ෂා කර තිබේ.

එහිදී භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල් 3කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළා.

භාණ්ඩ වල මිල ප්‍රදර්ශනය නොකරන්නේ නම්, එම භාණ්ඩ නොමිලේ ලබා ගන්නා ලෙස අදාළ නිලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

එම සංකල්පය සමාජගත කිරීමේ අරමුණෙන් මෙසේ දැනුම්දී තිබෙනවා.

මිල ප්‍රදර්ශනය කිරීමට වෙළෙඳ ප්‍රජාව උනන්දු කිරීමේ අරමුණෙන් මෙම උත්සාහය ගන්නා බව සඳහන්.

Share This