ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

ජාතින් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීමේ චෝදනාවක් මත ජෝතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබා ගැනීම සදහ අද පරිගණක අපරාධ කොට්ඨාසය කළ කැඳවීමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

නබිනායකතුමා සම්බන්ධයෙන් කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ජමෙයිතුල් උළමා සංවිධානයේ සභාපති ඇතුලු පාර්ශව 12 ක් කළ පැමිණිලි වලට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.