ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි

කොළඹ පිත්තල හන්දියේ දී බීමත් රියැදුරකු සිදුකළ අනතුරකින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ බිරිඳ තුවාල ලබා ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වෙත නිකුත් කර ඇති පොලිස් මෝටර් රථය පිත්තල හංදියේ දී විදුලි සංඥාවට නවතා තිබියදි බීමත් රියැදුරකු පැදවූ මෝටර් රථයක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු බීමතින් අපරික්ෂාකාරිව මෝටර් රථයක් පදවා පුද්ගලයකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුර සිදුකළ රියදුරා අද (17) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 

Share This