කැළඹීමකට ලක්වූ සිංගප්පූරු ගුවන් යානයේ එක් මගියෙකුට ඇ .ඩොලර් 10,000ක වන්දියක්

කැළඹීමකට ලක්වූ සිංගප්පූරු ගුවන් යානයේ එක් මගියෙකුට ඇ .ඩොලර් 10,000ක වන්දියක්

සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් පසුගියදා ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ සිද්ධියෙන් තුවාල ලැබූවන්ට වන්දි ගෙවීමට එම සමාගම ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව තුවාල ලැබූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 10,000ක් ගෙවීමට සිංගප්පූරු ගුවන් සමාගම එකඟතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අදාළ සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූවන්ට අමෙරිකානු ඩොලර් 25,000ක අත්තිකාරම් ගෙවීමක් සහ ඔවුන්ගේ විශේෂ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ද එම ගුවන් සමාගම එකඟතාව පළ කර තිබෙනවා.

මීට අමතරව මෙම සිදුවීම හේතුවෙන් කිසිඳු තුවාලයක් සිදු නොවූ පුද්ගලයින් ඇතුළු සියලු මගීන්ට සම්පූර්ණ ගාස්තු ආපසු ලබාදීමට එම ගුවන් සමාගම එකඟතාව පළ කර ඇති බව සඳහන්.

අදාළ යානය කැළඹිලි ස්වභාවයට මුහුණ දෙන අවස්ථාවේ දී එහි මගීන් 211 දෙනෙකු සහ කාර්‍ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකු පමණ සිටියා.

පසුගියදා සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් මියන්මාරයට ඉහළ අහසේ ගමන් කිරීමේ දී කැළඹිලි තත්ත්වයකට පත් වූ අතර එහිදී එක් මගියෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණා.

ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව ගුවන් යානයක සිටියදී මගීන්ට සිදුවන තුවාල වීම් සහ මිය යෑම් සඳහා අදාළ ගුවන් සමාගම් විසින් වන්දි පිරිනැමිය යුතු වනවා.

Singapore Airlines Flight: Horror On Singapore Airlines Flight, Turbulence  Kills British Passenger

Singapore Airlines: One dead and dozens injured after London-Singapore  flight hits severe turbulence | The Australian

Aftermath of Singapore Airlines turbulence seen in scary visuals, 1 died on  flight - India Today