ආහාර හා කෘෂිකර්ම සමුළුව අද

ආහාර හා කෘෂිකර්ම සමුළුව අද

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (19) කොළඹ දී ආරම්භ වේ.

මෙම සමුළුව සඳහා ආසියා පැසිෆික් කලාපයේ රටවල් 42ක නියෝජිතයින් සහභාගි වීමට නියමිත අතර අද ආරම්භ වන සමුළුව ලබන 22 දා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා, රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්ම නිලධාරින් ද 300කට අධික පිරිසක් සහභාගි වන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කියු ඩොන්ග්යු ඇතුළු ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් ද සමුළුව සඳහා එක්වනු ඇති බව සඳහන්ය.

Share This