ගසක් කඩා වැටීමෙන් ආගරපතන සිංහල විදුහලට හානි

ගසක් කඩා වැටීමෙන් ආගරපතන සිංහල විදුහලට හානි

නුවරඑළිය ආගරපතන ප්‍රදේශයට ඇද හැලුනු අධික වැසි සහ තද සුළං තත්ත්වය හේතුවෙන් ආගරපතන සිංහල මහ විද්‍යලයේ පුස්තකාලයට සහ පන්ති කාමර කිහිපයකට දැඩි ලෙස හානි සිදු වි ඇති බව විදුහල්පති නලින් දර්ශන මහතා පැවසිය.

ආගරපතන ප්‍රදේශයට ඊයේ(23) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් දැඩි සුලං තත්ත්වයත් හමුවේ පාසල අසල පිහිටි විශාල සයිප්‍රස් ගසක් කඩා වැටිම නිසා පුස්තකාලයට සහ පාසලේ 1 – 2 පන්ති කාමර වලට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි විදුහල්පතිවරයා කියා සිටියේ.

පවත්නා තත්ත්වය මත පාසලේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට නුවරඑලිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතියට යටත්ව (24) දින නිවාඩු ලබාදුන් බවත්, හානියට පත් ගොඩනැගිලි යථා තත්ත්වයට පත් කිරිමෙන් අනතුරුව ප්‍රාථමික අංශයේ ඉගැන්විම් කටයුතු ආරම්භ කරන බවයි විදුහල්පතිවරයා කියා සිටියේ.

තවද පුස්තකාල ගොඩනැගිල්ලට හානි සිදු වි ඇති නිසා පුස්තකාලයද (24) දින විවෘත නොකරන බවත්, හානියට පත් ගොඩනැගිලි යලි පිළිසකර කර ගැනීම සඳහා සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන ප්‍රදේශවාසීන් විදුහල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන ලෙස ද විදුහල්පතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Share This