රත්නපුර මහාධිකරණය අසල දී ඇසිඩ් ප්‍රහාරයක් – 5ක් රෝහලට

රත්නපුර මහාධිකරණය අසල දී ඇසිඩ් ප්‍රහාරයක් – 5ක් රෝහලට

රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසල දී අද (06) උදෑසන එල්ල වු ඇසිඩ් ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රත්නපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත්තේ, නඩුවක් සඳහා පැමිණෙමින් සිටි පුද්ගලයකු, ඔහුගේ බිරිද සහ මාර්ගයේ ගමන් කරමින් සිටි දරු තිදෙනෙක් බව පොලීසිය කියයි.

ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇත්තේ, පසුගිය 2023 වසරේ අප්‍රේල් 23 දින රත්නපුර නව නගරයේ දී සිදු වූ මාරක රිය අනතුරේ ප්‍රධාන වග උත්තරකරු බවට හඳුනා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

නඩුව සඳහා පෙනී සිටීමට පැමිණෙමින් සිටි අවස්ථාවේ මෙම ප්‍රහාරය සිදුව තිබේ.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට අදාල රිය අනතුරෙන් මියගිය තරුණයාගේ පියා රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.