නෙළුවේ රිය අනතුරකින් ප්‍රංශ ජාතික කාන්තාවක් මරුට

නෙළුවේ රිය අනතුරකින් ප්‍රංශ ජාතික කාන්තාවක් මරුට

විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන ගිය වෑන් රථයක් නෙළුව ලංකාගමදී තවත් වාහනය ගැටීමෙන් සිදු වූ අනතුරකින් ප්‍රංශ ජාතික තරුණියක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙහිදී නෝර්වේ ජාතිකයකු සහ නෙදර්ලන්ත ජාතිකයකු ද තුවාල ලබා තිබේ .

ලංකාගම කොලොන්කොටුව ප්‍රදේශයේ දී සංචාරකයන් රැගත් වෑන් රිය ඉදිරියෙන් ආ වෑන් රථයක ගැටී පසුව පස්සෙන් පස්සට පැමිණ ඇති අතර බියට පත් වූ ප්‍රංශ ජාතික තරුණිය වෑන් රථයෙන් පැන ඇත. එහිදී ඇය බිම වැටී තුවාල ලබා මියගොස් ඇත.

තුවාලකරුවන් නෙළුව රෝහලට ඇතුලත් කර තිබේ .