රුපියල තවත් පහළට

රුපියල තවත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද(12) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව අද දිනයේදී ද තවත් දුර්වල වී ඇත.

ඒ අනුව අද(12) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.15 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 320.68 ක් ලෙස සටහන් විය.

ඊයේ (11) දිනයේ මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 305.13ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 319.32ක් ලෙස සටහන් වුණා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 305.58 – රු. 320.61

සම්පත් බැංකුව – රු. 305.00 – රු. 320.00

කොමර්ෂල් බැංකුවේ – රු. 306.59 – රු. 319.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 306.00 – රු. 319.00

සෙලාන් බැංකුව – රු. 305.00 – රු. 320.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.304.00 – රු. 324.00

එන්.ඩී.බී. (NDB) – රු. 305.00 – රු. 320.00

අමානා බැංකුව – රු. 310.00 – රු.320.00

ලංකා බැංකුව – රු.307.00 – රු. 321.42