ආසියානු කායවර්ධන ශූරතාවට ලංකාවෙන් 4ක් ලෙබනනයට

ආසියානු කායවර්ධන ශූරතාවට ලංකාවෙන් 4ක් ලෙබනනයට

ලෙබනනයේ පැවැත්වෙන 33 වන ආසියානු කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා 08/24 අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

මෙම තරගාවලිය ලෙබනනයේ බේරෑට් නුවර 08/25 සිට 08/28 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එස්.එම්.වී.සිල්වා , සුභාෂ් බෙත්මගේ , ඩබ්ලිව්.ආර්.සිල්වා සහ චාමර ඩයස් යන ක්‍රීඩකයින් 04 දෙනෙකු පිටත්ව ගියහ .

මොවුන් එයාර් ඒෂියා ගුවන් සේවයේ ජී.9501 දරන ගුවන් යානයෙන් 08/24 අද දින අලුයම 03.00 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියයේය.