ආහාර උද්ධමනය වැඩි රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

ආහාර උද්ධමනය වැඩි රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

ලෝක බැංකුව විසින් නිකුත් කරනු ලබන ලෝකයේ ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබෙනවා.

එම දර්ශකයට අනුව ඉහළම උද්ධමනය සහිත රට ලෙස ලෙබනනය දක්වා ඇති අතර එරට ආහාර උද්ධමනය 261% ක්.

දෙවන ස්ථානයේ පසුවන සිම්බාබ්වේ හි උද්ධමනය 128% ක් වන බව සඳහන්.

ආර්ජන්ටිනාව, ඉරානය, තුර්කිය, ඊජිප්තුව, රුවන්ඩාව ඇතුළු රටවල් තවදුරටත් ආහාර උද්ධමන දර්ශකයේ ඉහළින් පසුවනවා.

පසුගිය මාසය දක්වා ශ්‍රී ලංකාව ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයට ඇතුළත්ව සිටියා.