යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිසුවෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිසුවෙක් ජීවිතක්ෂයට

තංගල්ල නගරයේ සිනමා ශාලාව ඉදිරිපිටදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් එක් යතුරුපැදියක ගමන්ගත් 19 හැවිරිදි පාසැල් සිසුවෙක් මිය ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .

මෙලෙස මියගොස් ඇත්තේ තංගල්ල ,හේනකඩුව ,පන්නාවාස මාවත සිරිවෙදනිවස ලිපිනයේ පදිංචිව සිටි කොඩිතුවක්කු ආරච්චිගේ සිතුල් සමුදය නමැති වීරකැටිය මධ්‍ය විදුහලේ උසස් පෙල පංතියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි .

සිසුවා අවශ්‍යතාකට තංගල්ල නගරයට ගොස් යිළි නිවසට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.