අලි රංචුවක් නිසා වැසුණු පාසල

අලි රංචුවක් නිසා වැසුණු පාසල

ආරච්චිකට්ටුව කරුක්කුලිය මහා විදුහල් භූමියට අද 31 අලූයම අලි රංචුවක් පැමිණීමත් සමග පාසල වසා දමා පැමිණ සිටි දරුවන් ආරක්ෂිතව නිවෙස් කරා යැවීමට කටයුතු කළ බව විදුහල්පතිවරයා පැවැසීය.

අලි තිදෙනකු පාසලට පැමිණීමත් සමග පාසලේ සිටි ගුරුවරු සහ ශීෂ්‍ය ශිෂ්‍යාවන් කලබලයට පත්ව ආරච්චිකට්ටුව පොලීසියට මේ බව දැනුම් දී තිබේ.

අලුයම 6.30 පාසලට පැමිණි දරුවන් අලි තිදෙනා දැක ඇති අතර එම සිද්ධිය ආරංචි වීමත් සමග මව්පියන් පාසලට පැමිණ දරුවන් පාසලෙන් රැගෙන යාමට කටයුතු කර ඇත.

අනතුරුව පාසලේ විදුහල්පති නිලාන් දර්ශන මහතා මෙම සිද්ධිය පොලීසිය දැනුවත් කර පාසලට පැමිණෙමින් සිටි දරුවන් ආපසු හරවා යවා පාසල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

දරුවන් 300ක පමණ ප‍්‍රමාණයක් මෙම පාසලේ අධ්‍යාපනය ලබන අතර ආචාර්ය මණ්ඩලය 17කි.

වනජීවි නිලධාරීහු පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් අලි පලවා හැරීමට කටයුතු කර තිබේ.