සාගරිකා දුම්රියේ ලොරියක් ගැටී පුද්ගලයෙක් මරුට

සාගරිකා දුම්රියේ ලොරියක් ගැටී පුද්ගලයෙක් මරුට

බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රියේ අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථයක් ගොඩගම, කහව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ගැටීමෙන් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම අනතුරෙන් තවත් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත්, මියගිය පුද්ගලයාගේ දේහය කහව දුම්රිය ස්ථානයේ තැන්පත් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

WhatsApp Image 2023 09 28 at 11.24.16 AM