පළාත් පාලන ආයතන වල ගෙවීම් කටයුතු online ක්‍රමයට

පළාත් පාලන ආයතන වල ගෙවීම් කටයුතු online ක්‍රමයට

ලබන වසරේ සිට සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මේ වන විටත් බොහෝ පළාත් පාලන ආයතන වල අදාළ වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පළාත් පාලන ආයතනවල බදු එකතු කිරීමේ කටයුතු ඇතුළු ගෙවීම් ජනතාවට අපහසුවක් නොවන ආකාරයෙන් සිදුකිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වී තිබේ.

ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක පළාත් පාලන ආයතන 341 තුළම අදාළ වැඩපිළිවෙල ලබන වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන ආයතනවලට අයත් සියලු මාර්ග සිතියම් ගතකිරීමේ කටයුතු ද මේ වසර අවසන් වන විට සිදුකිරීමට බලාපොරොත්තු වන බව ජානක වක්කුඹුර මහතා පැවසීය.