බටලීයේ බස්රථ කන්ටේනර් රථ අනතුරින් 22ක් රෝහලට

බටලීයේ බස්රථ කන්ටේනර් රථ අනතුරින් 22ක් රෝහලට

කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජු පුරය දී අද ( 6) අලුයම පහට පමණ පෞද්ගලික මගී බස් රථයක් බවුසරයක් හා කන්ටේනර්රියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් බස් රථයේ ගමන් කළ මඟින් 22 ක් පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නිට්ටඹුව පොලිසිය ප්‍රකාශ කරයි.

අම්පාර සිට කොළඹ බලා ගමන් ගත් බස් රථයක් මෙසේ අනතුරට ලක් වී ඇත. බස් රථයට ඉදිරියෙන් පැමිණි කන්ටේනර් රථයක් බසයේ බදේ ගැටෙන අවස්ථාවේ පිටුපසින් ගමන් කල බවුසරයක් ද බස් රථයේ පිටුපස ගැටී ඇතැයි හෙළි වී තිබේ.

මගී බස් රථය ,තවත් වාහනයකට ඉස්සර කිරීමට ගිය අවස්ථාවේ ඉදිරියෙන් ආ කන්ටේනරයේ ගැටෙන මොහොතේ පිටුපසින් පැමිණි බවුසරයේ ද ගැටී අනතුරට පත් වී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

බවුසරයේ ඉදිරි කොටසට කන්ටේනරයේ ඉදිරි කොටස හා බස් රථයේ දකුණු පස පිටුපස කොටස පොඩි පට්ටම් වී තිබේ.

තුවාල ලත් මගීන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත . තුවාලකරුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව ද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම අනතුර නිසා කොළඹ මහනුවර මහනුවර මහා මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා පැමිණ තිබිිිනි.