චතුරිකා සිරිසේනගේ ගෙදරට හොරු පැනලා

චතුරිකා සිරිසේනගේ ගෙදරට හොරු පැනලා

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය පදිංචි බත්තරමුල්ල, වික්‍රමසිංහපුර දෙමහල් නිවස කඩා රුපියල් ලක්ෂ 30 කට ආසන්න දේපළ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.

මෙම සොරකම සිදුව ඇත්තේ නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවකයි.

සොරාගෙන තිබූ දේපළ අතර රුපියල් 1,50,000/= ක මුදලක් රන් ආලේපිත ඔටුවෙකුගේ පිළිමයක්, ස්මාර්ට් අත් ඔරලෝසුවක්, රන් ආලේපිත සිංගප්පූරු කාසි 8 ක්, වියළි ආහාර ද්‍රව්‍ය හා පාසල් පොත් බෑගයක් ඒ අතර වන බව පොලිසිය පවසනවා.

යම් පුද්ගලයකු නිවසේ මුල්තැන්ගෙයි වීදුරු දොර කඩා ඇතුළු වී එහි තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියගේ සැමියා කොළඹ නිවසට පැමිණි අවස්ථාවේදී නිවස සොරුන් විසින් කඩා ඇති බව දැක පොලිසියට ඒ බව පැමිණිලි කර තිබේ.

Share This