ගලේවෙල බස් – ත්‍රීරෝද රථ අනතුරෙන් දෙදෙනෙක් මරුට

ගලේවෙල බස් – ත්‍රීරෝද රථ අනතුරෙන් දෙදෙනෙක් මරුට

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිසිය පැවසුවේ අද (24) උදෑසන 6.00ට පමණ බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙක් වන අතර තවත් තුන්දෙනෙකු තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම පිරිස ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් පෞද්ගලික ගමනක් යමින් සිටියදී අනතුරට ලක්වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

Share This