මාකුඹුර බස් නැවතුමේ අනතුරක් – 5ක් රෝහලට

මාකුඹුර බස් නැවතුමේ අනතුරක් – 5ක් රෝහලට

අද(12) උදෑසන මාකුඹුර අධිවේගී හුවමාරු බස් නැවතුම්පලේ පෞද්ගලික බස් රථයක තිරිංග අක්‍රිය වී රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් තවත් බසයක ගැටී බස් නැවතුම්පොළ ගොඩනැගිල්ල කඩාගෙන ධාවනය වී සිදු වූ අනතුරකින් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි‍.

මෙම අනතුරෙන් බස් රථය තුළ සිටි මගීන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර තිබේ. අනතුර සිදුකල බස් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

Share This