මෝටර් රිය ප්‍රපාතයකට පෙරළී පෙරපාසල් දැරිය ඇතුළු තුනක් රෝහලට

මෝටර් රිය ප්‍රපාතයකට පෙරළී පෙරපාසල් දැරිය ඇතුළු තුනක් රෝහලට

නුවරඑලිය, කඳපොල, බොරලන්දේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් පෙරපාසල් දැරියක්, ඇගේ මව සහ රියදුරා තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය පවසයි.

කදපොල සහ බොරලන්ද ප්‍රදේශයට ඊයේ (10) සවස ඇද හැලුන අධික වර්ෂාවත් සමඟ ධාවනය වෙමින් තිබූ මෝටර් රථය ලිස්සා ගොස් තේ වත්තක බෑවුම් සහිත ප්‍රදේශයකට පෙරැළි මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් මෝටර් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.