ඉන්දියාවේ දරුණු දුම්රිය අනතුරක්

ඉන්දියාවේ දරුණු දුම්රිය අනතුරක්

ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ, ඩාර්ජිලිං දිස්ත්‍රික්කයේ දී අද (17) උදෑසන දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තවත් 60 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දුම්රිය සංඥාවල දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී ප්‍රවාහන දුම්රියක්.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ගැටී ඇත්තේ, කොල්කටා සහ ඊසාන දිග ඇසැම් ප්‍රාන්තයේ සිල්චාර් නගරයේ සිට බටහිර බෙංගාලයේ කොල්කටා නුවර දක්වා ධාවනය වෙමින් තිබුණු ‘කංචෙන්ජුංගා එක්ස්ප්‍රස්’ මගී දුම්රියයි.

භාණ්ඩ දුම්රියේ හැපුණු මගී දුම්රියේ මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී ගිය බව ද වාර්තා වේ.

පෙරළී විසිවුණු දුම්රිය මැදිරි තුළ සිරවුණු මගීන් මුදා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කළ බව බෙංගාල මහ ඇමැතිනී මම්තා බෙනර්ජි මාධ්‍ය හමුවේ පවසා ඇත.