උසස් පෙළ විභාගය ගැන දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ගැන දැනුම් දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කිසිදු හේතුවක් නිසා කල් නොදමන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් ඊයේ (22) විභාගයට ගත් අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්‍රභ වී ඇත.

SC/FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා අස්කර ගැනීමත් සමඟ මෙම නඩුව නිෂ්ප්‍රභ වී තිබේ.

ඒ අනුව, පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.