දින තුනකට වඩා උණ පවතීනම් වහාම ප්‍රතිකාර වලට යොමු වන්න

දින තුනකට වඩා උණ පවතීනම් වහාම ප්‍රතිකාර වලට යොමු වන්න

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් පැතිර යන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.

එහි රෝග ලක්ෂණ අතරට උණ , සෙම්ප්‍රතිශ්‍යාව , උගුරේ වේදනාව සහ කැස්ස ඇතුළත්.

මෙම රෝග ලක්ෂණ දින තුනකට වඩා පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.