වාද්දුව පොහද්දරමුල්ල වෙරළේ පිරිමි මළසිරුරක්
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති බවද පොලිසිය පැවසීය.
වයස අවුරුදු 60 ත් 65 අතර වියැති බවට සැකකරන අතර , ඉනෙහි යුද හමුදා සාමාජිකයින් පළදින නිළ ඇදුමකට භාවිතා කරන කොළ පැහැති බදපටියක් තිබෙනු දැකගත හැකිවිය .
ශරීරයේ සුළු සිරීම් තුවාලද දැකගත හැකි බවයි පොලිසිය පවසන්නේ.