ජපානයේ ගුවන් තොටුපොළක් තුළ මාර්ගයක බෝම්බයක් පුපුරයි

ජපානයේ ගුවන් තොටුපොළක් තුළ මාර්ගයක බෝම්බයක් පුපුරයි

නිරිතදිග ජපානයේ Miyazaki ගුවන් තොටුපළේ වළ දමා තිබූ බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එය අමෙරිකා එක්සත් ජනපද බෝම්බයක් බවයි.

මෙම බෝම්බය, දෙවන ලෝක යුද්ධ සමයේදී මරාගෙන මැරෙන මෙහෙයුම් සඳහා “kamikaze” ගුවන් යානා වැලැක්වීම සඳහා හෙළන්නට ඇතැයි සැලකෙනවා.

නිරිතදිග ජපානයේ මියසාකි ගුවන් තොටුපළේ සිදුවූ මෙම සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර, ගුවන් තොටුපළ මාර්ගයක ආවාටයක් ඇති වීම හේතුවෙන් ගුවන් ගමන් 80කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුවූ බව බලධාරීහු පවසති.

මෙම කුඩා පිපිරීමෙන් මීටර් හතක් (අඩි 23) පමණ පළල සිදුරක් ඇතිවී තිබෙන අතර එම අවස්ථාවේ ගුවන් යානයක් ඒ අසල තිබී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්න.