හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අද ත්රස්ත විමර්ශන කොට්ඨාසයට
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාව ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය හමුවට අද (19) කැඳවා තිබේ.
පාස්කු ඉරුදින බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාළව මෙසේ හිටපු නීතිපතිවරයාගෙන් ප්රකාශයක් ලබා ගැනීමට ඔහුව ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවීමට පියවර ගත් බව පොලිසිය පවසයි.
පාස්කු ඉරුදින බෝම්බ ප්රහාරය පිටුපස කුමන්ත්රණයක් ඇතැයි හිටපු නීතිපතිවරයා කළ ඇතැම් ප්රකාශවලින් ඇඟවෙන බවත් ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ප්රකාශයක් මෙතෙක් ලබාගෙන නැති බවටත් එල්ලවන චෝදනාද සැලකිල්ලට ගෙන මෙසේ හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතාගෙන් ප්රකාශයක් ලබා ගන්නා බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.