![දවසේ ලග්න පලාපල – 2024 ජූනි මස 06 වන බ්‍රහස්පතින්දා දවසේ ලග්න පලාපල – 2024 ජූනි මස 06 වන බ්‍රහස්පතින්දා](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/06/1-5.jpg?quality=100&f=auto)
දවසේ ලග්න පලාපල – 2024 ජූනි මස 06 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය
1:43 pm – 3:17 pm
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
දකුණ
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/mesha.jpg?quality=100&f=auto)
මේෂ ශුභාශුභ මිශ්රඵල දෙයි. නව වැඩකටයුතු ඇරඹීමට හේතුයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වුවද ඒවා දමනය කිරීමේ ශක්තිය ද ඇතිවෙයි. ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. ශිරෝ රෝග ඉස්මතු වෙයි.
Date: 2024-06-06
ජය අංකය: 09
ශුභ වර්ණය: තද රෝස
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/wushaba.jpg?quality=100&f=auto)
වෘෂභ ක්‍රියාකාරකම් සමග ගමන් බිමන් ද යෙදෙන අතර අවිවේකී බව ගෙනදෙයි. අධ්‍යාපනික කටයුතුවලින් ජයමග පෑදෙයි. ඉඩකඩම් ලාභ ලැබීමකට හේතුයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභ නොවේ. වාතාධික රෝග ඉස්මතු වෙයි.
Date: 2024-06-06
ජය අංකය: 02
ශුභ වර්ණය: අළු පැහැය
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/mithuna.jpg?quality=100&f=auto)
මිථුන ගමන් බිමන් බහුල වෙයි. නිශ්ඵල ගමන් ද යෙදෙන බැවින් දුරදිග බලා කටයුතුවල යෙදීම හොඳයි. රාජකාරිවලදී නානාවිධ බාධා එල්ල වෙයි. එය ද ඉවසීමෙන් ක්‍රියාකර ජයගත යුතුයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුකරයි.
Date: 2024-06-06
ජය අංකය: 04
ශුභ වර්ණය: රන්වන්
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kataka.jpg?quality=100&f=auto)
කටක ක්‍රියාශීලී දිනකි. රාජකාරි ස්ථානවල තරමක වියවුල් ස්වභාවයක් දෙයි. දුරදිග බලා තීරණ ගෙන ක්‍රියාකළ යුතුයි. මහජන ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. සෙම් බහුල රෝග, උෂ්ණ රෝග දෙයි.
Date: 2024-06-06
ජය අංකය: 07
ශුභ වර්ණය: කහ
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/sinha.jpg?quality=100&f=auto)
සිංහ ශුභවාදී ඵල මතුකරයි. තම අරමුණු තරමක් ජය ගනී. ගමන් බිමන් බහුල දිනකි. පොදු සේවා සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. ජන ප්‍රසාදයට හේතු කරුණු යෙදේ. තම ආර්ථික වර්ධන ක්‍රියාවන් යෙදේ. ආමාශගත රෝග, ආහාර විෂවීම් වලට හේතුයි.
Date: 2024-06-06
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kanya.jpg?quality=100&f=auto)
කන්‍යා ශුභාශුභ මිශ්‍ර ඵල මතුකරයි. ගමන්වලදී ප්‍රවේසම මැනවි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනයි. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. හදිසි ධන වාසනා ලාභ ලබන දිනකි. සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා රෝග මතුකරයි.
Date: 2024-06-06
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/thula.jpg?quality=100&f=auto)
තුලා ශුභාශුභ මිශ්‍ර ඵල මතුකරයි. ප්‍රීති උත්සව යෙදේ. රාජකාරි බහුල දිනකි. සතුරු බලපෑම් එල්ල වෙයි. බුද්ධිය මෙහෙයවා ක්‍රියාකළ යුතු නව නිර්මාණ ඇරඹීමට ශුභයි. උසස් ඇසුරට පත්වෙයි. යටපත්ව තිබූ රෝග නැවත මතුකරයි.
Date: 2024-06-06
ජය අංකය: 03
ශුභ වර්ණය: සුදු
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/wushchika.jpg?quality=100&f=auto)
වෘශ්චික ශුභාශුභ මිශ්‍ර ඵල මතුකරයි. රැකියා ස්ථානවල සතුරු බලපෑම් මතුකරයි. ආවේගශීලී ගති ඉස්මතු කෙරෙයි. ඉවසීමෙන් තමන්ට ජය ලබාගත හැකි අතර අමතර ලාභ ලැබීම් වලට හේතුයි. ආහාර විෂවීම් මත අසාත්මිකතා රෝග සාදයි.
Date: 2024-06-06
ජය අංකය: 04
ශුභ වර්ණය: රතු
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/danu.jpg?quality=100&f=auto)
ධනු කලබලකාරී ගති මතුකරයි. සුළුවෙන් හෝ ප්‍රීති සාද වැනි දේකට ද හේතුයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. අමතර ලාභ දෙයි. සිරසගත රෝග මතුකරවන දිනකි. බලාපොරොත්තු රහිතව වැයපස ඉහළ යයි.
Date: 2024-06-06
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/makara.jpg?quality=100&f=auto)
මකර අවිවේකය මත තරමක් ආවේගශීලීව ක්‍රියා කරයි. සතුරු බලවේග ද මතුවීමට ඉඩ තිබේ. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. වැයපස ද ඉහළ යයි. සෙම්කෝප රෝග මතුකරවයි. තනතුරු ලාභ වරප්‍රසාද ලබන දිනකි.
Date: 2024-06-06
ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kumbha.jpg?quality=100&f=auto)
කුම්භ ක්‍රියාශීලී දිනකි. අතපසු වැඩ කරගෙන යෑමේ ශක්තිය ඇතිවෙයි. ඥාති මිත්‍ර සම්බන්ධතා වර්ධනය වෙයි. අසල්වැසියන් සමග සුහදතාව වර්ධනය වෙයි. වාතාධික රෝග, කොන්දේ වේදනා මතුවේ. නව නිපැයුම් ඇරඹීමට හොඳයි.
Date: 2024-06-06
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/meena.jpg?quality=100&f=auto)
මීන සාමාන්‍ය ලෙසින් දවස ගෙවයි. තම ඥාති මිත්‍රාදීන් එක්රැස්ව ක්‍රියාකරයි. සුළුවෙන් ප්‍රීති සුවය විඳින දිනකි. වැයපස ද ඉහළ යයි. ප්‍රසාදයට පත්වෙයි. ඉදිමුම් රෝග, සන්ධි වාත මතුවේ. දහමට ද ළැදිව ක්‍රියාකරයි.
Date: 2024-06-06
ජය අංකය: 09
ශුභ වර්ණය: දම්