සුපිරි වෙළෙඳසලකදී හිමි නමකගේ කෝටියකට ආසන්න මුදල් බෑගය උදුරාගත් පුද්ගලයා සොයා විමර්ශන

සුපිරි වෙළෙඳසලකදී හිමි නමකගේ කෝටියකට ආසන්න මුදල් බෑගය උදුරාගත් පුද්ගලයා සොයා විමර්ශන

ඉතාලියට වැඩම කිරීමට සූදානමින් සිටි හලාවත, කරවිටාගාර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමිනමක අත තිබූ යුරෝ 12,000ක් සහ රුපියල් ලක්ෂ 48ක් අඩංගු ගමන් මල්ලක් උදුරාගෙන පලාගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හලාවත පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම සිදුවෙම්මට මුහුණ දී ඇත්තේ කරවිටාගාර ධම්ම කිත්ති නම් හිමි නමකි.

මෙම හිමිනම ඉතාලියේ වෙසෙන අතර ශ්‍රී ලංකාවට වැඩම කර තමන්ට හිමි ඉඩමක් විකුණා ලද මුදල් ද රැගෙන යළිත් ඉතාලි යෑමට නියමිතව සිටි බව ද පොලිසිය පවසයි.

හලාවත ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසලකදී මෙම හිමිනම සමග කිසියම් පුද්ගලයකු බහින්බස් වී ඇති අතර පසුව ඔහු හිමිනම අතේ තිබූ මුදල් අඩංගු බෑගය උදුරාගෙන ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි.

අදාළ තරුණයා විසින් හිමිනම භාණ්ඩ මිලදී ගන්නා අයුරු ඔහුගේ ජංගම දුරකථනයෙන් පටිගත කර ඇති අතර, හිමිනමගෙන් එයට විරෝධය එල්ල වන අයුරු ද එහි සඳහන්ව තිබේ.

සැකකරු අල්ලා ගැනීමට පොලිසිය වෙළෙඳසලේ ආරක්ෂක කැමරා පරීක්ෂා කරගෙන යයි.