මාස දහයකට පෙර කල් ඉකුත් වූ ත්‍රිපෝෂ දරුවන්ට බෙදලා

මාස දහයකට පෙර කල් ඉකුත් වූ ත්‍රිපෝෂ දරුවන්ට බෙදලා

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් කහපොල රෙජිඩේල්වත්ත මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානයෙන් මීට මාස දහයකට පෙර කල් ඉකුත් වූ ත්‍රිපෝෂ තොගයක් අද බෙදා දී ඇති බව එම ත්‍රී පෝෂ ලබා ගත් මවුවරු පවසති.

මේ පිළිබඳව කල් ඉකුත් වූ ත්‍රිපෝෂ බෙදා දුන් බව පැවසෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් විමසීමේ දී ඇය පවසා ඇත්තේ අදාළ ත්‍රිපෝෂ මාරු කර දීමට එළඹෙන බ්‍රහස්පතින්දා රැගෙන එන ලෙසටයි.

වයස අවුරුද 3 සිට 5 දක්වා වූ අඩු බර දරුවන්ට මෙසේ ත්‍රිපෝෂ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ කර ඇති අතර එසේ සුදුසුකම් ලත් එක් දරුවෙකුට ත්‍රිපෝෂ පැකට් දෙක බැගින් නිකුත් කරනු ලබන බව එම මවුවරුන් පවසති.

මේ පිළිබඳව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ මෙය වැරදීමකින් සිදුවූ දෙයක් බවයි.

ඒ පිළිබඳව කනගාටුව පළ කරනවා. බෙදා දුන් සැනින් කල් ඉකුත් වූ බවට දැනගැනීමට ලැබීම ලොකු දෙයක් අප මේ මොහොතේ දීම එදින ත්‍රිපෝෂ බෙදා දුන් නිවෙස් වලට දන්වා ඒවා මාරු කර අලුත් ත්‍රිපෝෂ ලබා දීමටත් පියවර ගන්නවා.

එය මුද්‍රණ දෝෂයක් ද නැතහොත් පැරණි ත්‍රීපෝෂ ද යන්න සොයා බලන බවත් ඔවුන් පැවසීය.