මොරගහ කන්ද ජලාශයට යටවුනු ගම්මාන 7ක් යලි මතුවෙයි

මොරගහ කන්ද ජලාශයට යටවුනු ගම්මාන 7ක් යලි මතුවෙයි

මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහල යාම හේතුවෙන් ජලාශය ඉදිකිරීම් සඳහා යටව ගිය ගමම්මාන නැවත මතු වෙමින් පවතී.

මොරගහකන්ද ජලාශයේ ජලය පිරීම සමඟ ගම්මාන හතක් පමණ ජලයෙන් යටවී ලංකා සිතියමෙන් මැකී යන්නට විය.
මේ දිනවල ගම්මාන සියල්ලම නැවත මතුවෙමින් පවතින අතර ඇලහැර හෙට්ටිපොළ පැරණි මාර්ගය මේ වන විට නැවත දැකගැනීමට හැකිවී තිබේ

ජලයෙන් යටගිය කොන්ගහවෙල රෝහල රාජ්‍ය ආයතන රැසක් මෙන්ම ප්‍රධාන මාර්ග බොහොමයක් නැවත ජනතාවට දැක බලා ගැනීමට හැකිවී තිබේ.

සිඳීගිය මොරගහකන්ද වැවේ වන අලින් රංචු රැසක් ද කුළු මීහරක් රැසක්ද මේ දිනවල දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි අඹන්ගඟ හරස්කොට මොරගහකන්ද ජලාශය ඉදි කෙරුණු අතර මේ වන විට අතීතයේ ගලාගිය අඹන් ගග දර්ශනයවේ.