ධනිෂ්කට එරෙහි චෝදනා 3ක් ඉවතට

ධනිෂ්කට එරෙහි චෝදනා 3ක් ඉවතට

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළදී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළව ඕස්ට්‍රේලියාවේ පවරා ඇති නඩුවේ, චෝදනා 4න් 3ක් ඉවත් කරගෙන තිබෙනවා.

රජයේ නඩු පවරන අධ්‍යක්‍ෂ වෙනුවෙන් අභිචෝදක හියු බුඩින් අධිකරණයට පැවසුවේ එක් චෝදනාවක් සහතික කර ඇති නමුත් කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම හැර ඉතිරි චෝදනා තුන ඉල්ලා අස්කර ගත් බවයි.

32 හැවිරිදි ඔහුව පසුගිය වසරේ සිඩ්නි හි CBD හෝටලයේදී අත්අඩංගුවට ගෙන නොවැම්බර් 2 වෙනිදා සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම ඇතුළුව චෝදනා හතරක් සම්බන්ධව නඩු පවරනු ලැබුවා.

ඊට අදාළ නඩුව අද (18) සිඩ්නි හි “Downing Centre” අධිකරණයේදී කැඳවිණි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )