යුරියා පොහොර ලැබී නැත්නම් විමසන්න දුරකථන අංක දෙකක්

යුරියා පොහොර ලැබී නැත්නම් විමසන්න දුරකථන අංක දෙකක්

දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට හිඟයකින් තොරව යුරියා පොහොර බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි ලංකා පොහොර සමාගමේ හා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.

පසුගිය සතියේ සිට මේ දක්වා දිවයින පුරා ඇති ගොවි ජන මධ්‍යස්ථානවල එතෙක් තිබූ යුරියා පොහොර වලට අමතරව තවත් යුරියා මෙට්‍රික් ටොන් 5100ක් යවා තිබේ.

අද දිනය ඇතුලත තවත් යුරියා මෙට්‍රික් ටොන් 1000ක් බෙදා හැරීමට කටයුතු යොදා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අද (19) තවත් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 200ක් පොළොන්නරුවට යැවීමට කටයුතු යොදා ඇති අතර පසුගිය සතියේ සිට මේ දක්වා පොලොන්නරුවට යවා ඇති යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 ඉක්මවන බව අමාත්‍යාංශය කියයි.

අවශ්‍ය තරම් යුරියා පොහොර තිබෙන බැවින් යුරියා පොහොර නොඑවන ලෙසට ඇතැම් ගොවිජන සේවා මධ්‍යස්ථාන පොහොර සමාගම්වලට දැනුම් දී ඇති බව ද ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරයි.

මේ අතර ඇතැම් ගොවි සංවිධාන මාධ්‍යට ප්‍රකාශ නිකුත් කරමින් ඔවුන්ට යුරියා පොහොර ලැබී නැති බව ප්‍රකාශ කර ඇතැයි ද මෙම කාරණය සැලකිල්ලට ගනිමින් කිසියම් ප්‍රදේශයකට යුරියා පොහොර ලැබී නොමැති නම් ඒ සඳහා විමසීම සඳහා රජයට අයත් පොහොර සමාගම්වලින් නිලධාරීන් දෙදෙනෙක් පත් කිරීමට සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පියවර ගෙන තිබේ.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙි අලෙවි කළමනාකරු උපේන්ද්‍ර 0775510674, ලංකා පොහොර සමාගමේ බෙදාහැරීම් කළමනාකරු නුවන් 0774441417 යන දුරකථන අංක වලින් කිසියම් ගොවිජන සේවා මධ්‍යස්ථානයකට යුරියා පොහොර නොමැති නම් විමසිය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.