
මෝටර් රථයක් යෝධ ඇළට පෙරළී දෙදෙනෙකු මරුට
බකමූණ පොලිස් වසමේ, නාඋල ඇළහැර මාර්ගයේ අලිකන්ද ප්‍රදේශයේදී ඊයේ (10) රාත්‍රීයේ සිදුවූ අනතුරකින් දෙදනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නාඋල දෙස සිට ඇළහැර දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මාර්ග සංඥා කණුවක ගැටී යෝධ ඇළට පෙරළී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මෝටර් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් මියගොස් ඇති අතර තුවාල ලැබූ තවත් කාන්තාවක් බකමූණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ඇත.
අනතුරින් මියගිය රියදුරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටත්, මියගිය කාන්තාව හා තුවාලකාරිය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි මවක සහ දියණියක බවට අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.
ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ලේඛන කිසිවක් හමුවී නොමැති අතර මෝටර් රථය ගොඩට ගැනීමට කටයුතු කරමින් පවතින බව වාර්තා වෙයි.
මෘත ශරීර බකමූණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බකමූණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.