
X සමාජ මාධ්‍ය බිඳ වැටීමට හේතුව සයිබර් ප්‍රහාරයක්
X සමාජ මාධ්‍ය බිඳ වැටීමට සයිබර් ප්‍රහාරයක් හේතුවී ඇති බව එහි හිමිකරු වන ඉලෝන් මස්ක් පවසයි.
ඒ් හේතුවෙන් ඊයේ (10) දිනයේ 40,000 කට වැඩි පරිශීලකයින් පිරිසකට ඔවුන්ගේ X ගිණුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිව තිබූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.
සිය “X” ගිණුමේ සටහනක් තබමින් ඉලෝන් මස්ක් පෙන්වා දෙන්නේ සෑම දිනකම මෙවැනි ප්‍රහාර එල්ල වන අතර ඊයේ දිනයේ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවය.
ඒ හේතුවෙන් පැය 6කට ආසනන්න කාලයක් අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ එක්ස් සමාජ මාධ්‍ය වේදිකාව ඇණහිට තිබූ බව විදෙස් වාර්තාවල සඳහන් විය.
එලොන් මස්ක් පැවසුවේ, සංවිධානාත්මක කණ්ඩායමක් විසින් අදාළ සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.