සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ගෝලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ගෝලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

විදේශ ගතව සිටිමින් අපරාධ ජාලය මෙහෙයවන මහා පරිමාණ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පැට්ටා මංජුගේ අපරාධ මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (20) ජාඇල පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිදුකළ වැටලීමකදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබූ ගමන් බෑගයක ජීව උණ්ඩ 250ක් සහිත උණ්ඩ ඇසුරුම් පෙට්ටි 5ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 112ක්, විද්‍යුත් තරාදියක්, ව්‍යාජ හැදුනුම්පත් 3ක්, ජංගම දුරකථන 3ක් සහ ව්‍යාජ ලෙස සකස් කර ඇති රාජ්‍ය හා පුද්ගලික අංශයේ රබර් නිල මුද්‍රා 15ක් ද තිබී සොයාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව සහ ගනේමුල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31ක් පුද්ගලයන් ය.

සැකකරුවන් හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ඉදිරිපත් කර ඇත.

 

Share This