T20 කාන්තා ලෝක කුසලානයේ සත්කාරකත්වය බංග්ලාදේශයට අහිමි වෙයි

T20 කාන්තා ලෝක කුසලානයේ සත්කාරකත්වය බංග්ලාදේශයට අහිමි වෙයි

2024 පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යට පිරිනමා තිබෙනවා.

බංග්ලාදේශය තුළ පවතින දේශපාලනය අස්ථාවරත්වය හේතුවෙන් එය සැලසුම් කළ ලෙස බංග්ලාදේශයේම පවත්වනවාද, නැතිනම් වෙනත් රටකට රැගෙන යන්නේ දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉකුත් දින කිහිපයේ සලකා බලමින් සිටියේය.

ඒ අනුව මෙම තීරණයට එළැඹ ඇති බවයි වාර්තා වන්නේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට 20 වැනිදා දක්වා ඩුබායි සහ සාජාහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.