මිනිසෙකුගේ පෙනහැල්ලක සෙන්ටිමීටර් 4 ක් දිග කැරපොත්තෙක්

මිනිසෙකුගේ පෙනහැල්ලක සෙන්ටිමීටර් 4 ක් දිග කැරපොත්තෙක්

රෝගියකුගේ පෙනහල්ලකින් සෙන්ටිමීටර් 4 ක් දිග කැරපොත්තකු ඉවත් කිරීමට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබේ.

55 හැවිරිදි මෙම රෝගියා, ස්වසන අපහසුතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කෝචි නුවර අම්රිතා රෝහලට ඇතුළත් කර තිබේ.

එහි දී වෛද්‍යවරුන් විසින් ඔහුව පරීක්ෂා කර බැලීමේ දී අනාවරණය වී ඇත්තේ, මෙම පුද්ගලයාගේ පෙනහළුවලට කැරපොත්තෙක් වැනි සත්ත්වයෙක් ඇතුළු වී ඇති බවයි.

ඒ අනුව, රෝගියාගේ පෙණහලු අභ්‍යන්තරයට ඇතුල් කළ නළයක් හරහා මෙම සත්ත්වයා ශරීරයෙන් පිටතට ගැනීමට එම වෛද්‍ය කණ්ඩායම සමත් වී ඇත.

එහිදී රෝගියාට කිසිදු අනතුරක් සිදු නොවුණු බවත්, පසුව ඔහු රෝහලෙන් පිටවී ගිය බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Share This