කාන්තා 20යි 20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට

කාන්තා 20යි 20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට

බංග්ලාදේශයේදී ලබන ඔක්තෝබර් මස ආරම්භවීමට නියමිත කාන්තා විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනිමට අදාළව ඩුබායිහි පැවැති සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ශූරතාව හිමිකර ගැනිමට ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සමත්වූහ.

ඒ ඊයේ (07) පැවැති අවසන් මහ තරගයේදී ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 68කින් පරාජය කරමිනි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 තුළදි කඩුලු 5 කට ලකුණු 169ක් රැස්කළේය.

එහිදී නායක චමරි අතපත්තු විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කරමින් පන්දු 63කදී ලකුණු 102ක් රැස්කිරීමට සමත්වූයේ හතරේ පහර 13ක් හා හයේ පහර 4ක් සමගිනි. ඒ අනුව ඇය තරගයේ වීරවරිය ලෙසද සම්මාන ලැබුවාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 20දි කඩුලු 7ට ලකුණු 101ක් රැස් කළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී ලකුණු 13 ට කඩුලු 03ක් දවාගත්තාය.