වැසි ලැබුනත් ජලාශ වල වතුර වැඩි වී නෑ

වැසි ලැබුනත් ජලාශ වල වතුර වැඩි වී නෑ

මේ වනවිට දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තැනින් තැන වැසි ලැබුණත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල ජල ධාරිතාව මෙතෙක් වැඩිවීමක් සිදුවී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි ජල ධාරිතාව අක්කර අඩි ලක්ෂ 8 ක් පමණ බවයි එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ.

මෙය ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් ජලාශවල පැවතිය යුතු ජල ධාරිතාවෙන් 27% ක්.

වසර ගණනාවක ජලාශවල ජල ධාරිතාවේ වෙනස් වීම අධ්‍යයනය කිරීමක් මේ වනවිට සිදු කර ඇති බවත් මේ දිනවල පැවතිය යුතු ජල ධාරිතාවේ සාමාන්‍යයට වඩා 3% ක අඩු ජල ධාරිතාවක් දැනට ජලාශවල පවතින බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.

Share This