තද වැසි පිළිබඳව කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද වැසි පිළිබඳව කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව දන්වා සිටියි.

මේ අනුව බස්නාහිර, සබරගමුව, උතුරු, දකුණු හා නැගෙනහිර පළාත්වලටත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75කට වඩා වැඩි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

සෙසු ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක් ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවද එම දෙපාර්තේම්න්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

Share This