ශ්‍රී ලංකාවට ලකුණු 244 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 244 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙවුවන් පන්දුවාර 48.0ක දී සියලු දෙනා දැවී ලකුණු 243ක් ලබා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් කොදෙව් පිල පළමුව පන්දුවට පහර දුන් අතර, කොදෙව් ඉනිම වෙනුවෙන් Keacy Carty ලකුණු 87ක් හා Johnson Charles ලකුණු 39 ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක්, දුෂාන් හේමන්ත කඩුලු 2 ක්, දිල්ෂාන් මදුෂංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් විය.