කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක්

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක්

කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18) අලුයම 2.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.

එම සමාජ ශාලාවට පැමිණි පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

ඔහු බීමතින් සිට ඇති බවට වාර්තා වන අතර එහිදී ඔහු වෙඩි 6ක් පමණ තබා ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව ද වාර්තා වේ.

වෙඩි තැබීමෙන් අනතුරුව ඔහු මෝටර් රථ යකින් පලා ගොස් ඇතැයි පැවසේ.

වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වනවිට කිරිබත්ගොඩ පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.