මොළයට බලපෑම් කළ හැකි නව වෛරසයක් චීනයෙන් සොයාගනී

මොළයට බලපෑම් කළ හැකි නව වෛරසයක් චීනයෙන් සොයාගනී

මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛරසයක් චීනයෙන් සොයා ගෙන තිබේ.

චීන විද්‍යාඥයන් මෙම වයිරසය නම් කර ඇත්තේ ‘තෙත් බිම් වයිරසය’ (WELV) යනුවෙනි.

චීනයේ ජින්ෂු නගරයේ තෙත්බිම් උද්‍යානයක සේවය කිරීමෙන් පසුව රෝගී වූ 61 හැවිරිදි පුද්ගලයෙකුගෙන් 2019 ජුනි මාසයේදී මෙම වෛරසය පිලිබඳ පළමු වරට හඳුනාගෙන තිබේ.

මෙම රෝගියාට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ, චීනයට අයත් මොංගෝලියාවේදී යැයි අනාවරණය වී ඇත.

මෙම නව වයිරසය කිනිතුල්ලන්ගේ දෂ්ටනයෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වන බවට සොයාගෙන ඇති අතර මොළයට හානි කරමින් එයට ස්නායු පද්ධතිය මුළුමනින්ම අඩපණ කිරීමේ හැකියාවක් පවතින බවද සඳහන්.

මෙම වයිරසයට මෙතෙක් ප්‍රතිකර්මයක් සොයාගෙන නොමැති අතර, ප්‍රතිජීවක ඖෂධවලින් ද මෙම වයිරසය අඩපණ කළ නොහැකි බව පැවැසෙයි.