
වැලිගම වැඩබලන පොලිස් ස්ථානාධිපති භාර වෙයි
වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් කුමාර අද (04) උදෑසන අධිකරණයට භාර වී තිබේ.
ඒ, වැලිගම – පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට 2023 දෙසැම්බර් 31 වැනි දා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද ලැබී තිබූ පසුබිමකයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම වරෙන්තුව නිකුත් කර තිබුණි.